Tuesday, September 13, 2011

මෙන්න අපේ වැඩ...




හුග කලෙකින් කොටන්න හම්බුනේ නැහැනේ.ඔන්න දැන් තමා වෙලාවක් හම්බුනේ.ටැලන් ශෝ එකේ ඩාන්ස් එකට ප්‍රැක්ටිස් කරලා කැදත් නැතුව හිටියේ.හරියටම ටැලන්ට් ශෝ එක තිබ්බේ ගිය 2 වෙනිදා.ඉතින් සතියක් එක දිගට ප්‍රැක්ටිස් කලා.අප්පා අපේ උන් මැටි පාගනවා වගේ ඩාන්ස් කරේ.මොන හිපොප්ද.මුන් හොදයි කුඹුරු කොටන්න.ඔය කිව්වට මාත් එහෙම තමා.හික් හික්.ඕකට අපිට පුරුදු කරේ ඉශාර කියලා බුවෙක්.මිනිහානම් පට්ට ප්‍රොෆෙශනල් ඩාන්සර් කෙනෙක්.ඉතින් බුවා හෙන ගේමක් දීලා අපිට පුරුදු කරා.ChammA's බ්ලොග් එකේ නම් කියලා තිබ්බේ අපි ලෙසටම ඩාන්ස් කරා කියලා.චම්මා අයියාට මාගේ ප්‍රනාමය.


ඔන්න ඉතින් ඩාන්ස් කරා කියමුකෝ.ටැලන්ට් ශෝ එක තිබ්බේ සිකුරාදා දවසක.ඊලග දවසේ අපේ සමෙස්ටර් එකේ ප්‍රොජෙක්ට් එකේ SRS (Software Requirements Specification) එක.අප්පා මෙලෝ දෙයක් කරලා තිබ්බේ නැහැ ඒකේ.ටැලන්ට් ශෝ එක ඉවර වෙලා මොන SRS ද.මම නම් රෑට කාලා කන පැලෙන්න බුදිය ගත්තා.ඊලග දවසේ උදේ තමා අපේ ටීම් එකේ උන්ට රත් උනේ.මාත් රත් වෙලා හිටියේ.මොකද මම ටීම් ලීඩර් නිසා.කොහොම හරි එදා ලෙක්චර්ස් වලට යන්න බැරි උනා.මොකද SRS Document එක පි‍ටු 25ට වැඩි පි‍ටු 50ට අඩු Document එකක්.ඕකේ අපේ සොෆ්ට්වෙයාර් එකේ ඉන්ටර්ෆේස් ටිකයි,යූස් කේස් ටිකයි ඒවල සිනාරියෝ ටිකයි පෙන්නන්න ඕනා.හි හි අපේ කට්ටිය කොච්චර දක්ශද කියනවනම් උදේ 11ට පටන් අරගෙන 3 වෙනකොට පි‍ටු 42 ක Document එකක් හදලා ඉවර කරා.


ඊට පස්සේ තමා ප්‍රසන්ටේශන් එක හැදුවේ.ඒක හදලා ඉවර වෙනකොට 4.30 යි.අපිට 5.15ද කොහෙද ප්‍රසන්ට් කරන්න තිබ්බේ.මේ පාර මට ප්‍රසන්ට් කරන්න නැති නිසා මම නම් ෆුල් ආතල් එකේ හිටියා.මේ පාර මට ප්‍රසන්ට් කරන්න නැත්තේ මම ගියපාර ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක තනියම ප්‍රසන්ට් කරපු නිසා.ඔන්න ඉතින් අපි ලෙසටම ප්‍රසන්ට් කරලා සර් අහපු ප්‍රශ්නවලට එලකිරි වගේ උත්තරත් දීලා ගෙදර ආවා.අප්පටසිරි ඒපාර තව එකක්.අලි මදිවට කොටි කිව්වලු.DAA (Design & Analysis of Algorithms) වල ජාවා ඇප්ලිකේශන්(Simulator) එකක් හදන්න දීලා සෝටින් ඇල්ගොරිදම්ස්(Sorting Algorithms) වලින් 2කක් අරගෙන.


ගෙදර ඇවිත් ඇද දැක්කා විතරයි මට නිවන් ගියා වගේ දැනුනා.ඇයි දෙයියනේ ඒ සතියෙම මැරුනනේ ටැලන්ට් ශෝ එකට.ඒ මදිවට SRS එකටත් පොඩි හෙල්ප් එකක් දීලා අම්බානෙක මහන්සි පිට හිටියේ.කාලා බුදියගෙන ඊලග දවසේ ලෙක්චර්ස් ගියා.එදා නම් කට් කරේ නැහැ.අපිට ඉරිදා 4 ඉදන් 5 වෙනකන් පොඩි ‍ෆ්‍රී ටයිම් එකක් තියෙනවා.ඕකේ තමා එසයිමන්ට් එක කරන්න හිතන් හිටියේ.5.30 කලින් අප්ලෝඩ් කරන්න තිබ්බ නිසා බය නැතුව හිටියේ.ඔන්න ඉතින් 4ට පටන් අරන් 5 වෙනකොට එසයිමන්ට් එක කරලා අප්ලෝඩ් කරලත් ඉවරයි.


හි හි කොහොමද අපේ වැඩ.මම විතරක් නෙමේ ගොඩක් උන් එදා තමා එසයිමට් එක කරේ.සමහර උන් නම් තව එකෙක්ගේ එකක් වෙනස් කරලා අප්ලෝඩ් කරා.මම එහෙම කරේ නැත්තේ එහෙම කරාම වයිවා එකේදී මාට්‍ටු වෙනවා තමන් කරපු එකක් නෙමේ කියලා.වයිවා එකෙන් බේරෙන්න තමන්ම කරලා අයිඩියා එකක් තියෙන්න ඕනා.නැත්තම් ඇදගෙන නෑමක් තමා.මොකටද නිකන් ඇදගෙන නාන්නේ.හික් හික් ;)


ගිය සතියේ නම් පොඩ්ඩක් ස්ටඩී පාරක් දැම්මා ඔන්ලයින් එක්සෑම් වගයක් ලග එන නිසා.ඒවට එදාට ලෑස්ති වෙන්න බෑනේ.ඒ උනත් අපේ උන්ට නම් ඒ හැකියාවත් තියෙනවා දෙවියන්ගේ පිහිටෙන්.


ඔන්න ඔහොමයි පහුගිය ටිකේ දවස ගෙවුනේ.අහ් ලගදී යකඩ කල්ලියේ දෙතුන් දෙනෙක් සෙට් උනානේ.අප්පා එතන උනු කතා මේකේ දැම්මොත් මේක මෙගා පෝස්ට් එකක් කරන්න වෙයි.ලගදිම ඒ ටිකත් කොටලා දාන්නම් කෝ.....

7 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

ඔයා නියම වැඪකාරයෙක්නෙ :D ;)

සංකල්ප said...

යකඩ කල්ලියේ වැඩ ටිකත් හිමිහිට පෝස්ට් එකේ දාමු. අලුත් පෝස්ට් එකක්.

Unknown said...

ඊලග පාර රිසර්ච් එකනම් ඔහොම කරන්න එපා පුතෝ...ලොල්
එහෙම උනොත් අස්පට් යාමේ ඉඩකඩ වැඩිය ;) ;)

සාතන් said...

මේ කිව්ව ඒව ගැන නම් මට කිසිම දැනුමක් නෑ සහෝදරය... මොනා වුනත් පුතෝ ඉගෙන ගන්න එක හරියට කරගනින්...

Anonymous said...

මටනම් ප්‍රොපෝසල්,SRS නම් මතක් කරන් එපා..මේ දවස් වල මන් නැහෙන්නෙත් ඕවා මත්තෙමයි..

ඔයා නියම වැඩ කාරයෙක්නේ..

පිස්සු පුසා said...

@තනි අලියා :හිකිස් ;)

@මධුරංග :අනිවර්්‍යෙන්....

@ChammA :හි හි ඔව් අයියා මේ පුරුද්ද ඉක්මනටම අත ඇරගන්න ඕනා

පිස්සු පුසා said...

@සාතන් :ඒක අවුලක් නැහැ සාතන් අයියේ...

@අසනි :හි හි අසනිත් ‍IT ෆිල්ඩ් එකේ ද???

Post a Comment