Friday, September 9, 2011

පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි....




  1. ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි..
  2. ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...
  3. බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...
  4. ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...
  5. බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...
  6. බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...
  7. ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...
පලි:මේක මට ඊයකින් ආපු එකක්.
ඔන්න ඔහොමයි අපි ගැන හිතන් ඉන්නේ.
මීට පූසා :D

13 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

අනේ පව් අප්පා...මෙයැයිට දුක හිතිලා...

සංකල්ප said...

අපොයි ඔවු. බලෝ හොදා පූසන්ට වඩා. අපේ බල්ලා අපි පස්සෙන් ආවට පූසා එහෙම නෑ. ඌ පස්සෙන් අපි යන්න ඕනේ. අනික අපේ ගෙදර පූසා මීයෝ අල්ලන්නේ නෑ. අපි අල්ලලා දුන්නොත් කනවා. මහ කම්මැලි ජාතියක් පූසෝ කියන්නේ.

ඒකටත් එකට බල්ලෝ. !!!! උන් කම්මැලි නෑ !!!!

Unknown said...

තවත් පුසෙක්ටම දුක හිතිලා ;)

Dinesh said...

මොනවා උනත් ඊයෙන් ඇවිත් තියෙන්නේ ඇත්තක්..

මහිම මදුරංග said...

katawak thiyanawanee
kollo ballowahei
kello puso wage kiyala

හිස් අහස said...

සහතික ඇත්ත පූසා නිකම් මැටි ගොඩක් .. ඒවුණාට උන්ට මම මාර ආසයි .

බවුවොත් අවුලක් නෑ උන් නියමයි .. මගේ ගෙදර ඉන්න බිලාලයා නම් මම ගෙදර එනකොට කෑගහගෙන මාව පිලිගන්න එනවා .

Anonymous said...

බල්ලො බෘහ් බෘහ් ගාද්දි, රෑට උඩු බුරද්දි, සයිකලේ යනකොට එලෝගෙන එද්දි මළ වදේ හලෝ! පූසො නං එහෙම බලු වැඩ කරන්නෑ

පිස්සු පුසා said...

@අසනි :ඔව් අප්පා.දුක නැද්ද ඉතින් මෙහෙම අපි ගැන කියනකොට හ..

@මධුරංග :හි හි...මාගේ විරෝධය...

@ChammA :හි හි ;)

පිස්සු පුසා said...

@Dinesh :හි හි එහෙමද

@mahima :අනේ එහෙමද...මම අදමයි ඇහුවේ ලොල් ;)

@හිස් අහස :හි හි...

පිස්සු පුසා said...

@තනි අලියා :ඒක නම් ඇත්ත තමා ;)

Anonymous said...

@පිස්සු පූසා: මම ඉන්න පලාතෙ බලු ගහණය ටිකක් වැඩියි! ඊතිං හිතේ සන්තොසෙං සයිකලේක උනත් යන්න ටිකක් අමාරුයි! :(

පිස්සු පුසා said...

@තනි අලියා :ලොල්.කොරියාවෙ එකෙක් හරි පිලිපීනයේ ඩයල් එකක් එහෙම හම්බුනොත් ඔය පැත්තට එක්කන් පලයන්.ගිහින් බල්ලෝ ටික පෙන්නපන්.ඊලග දවසේ උන් ටිකට බඩුම තමා.. :)

සිස්ටම් චේන්ජ් said...

pusa mara selfish ..................u langata anne kama dena welawe vitharai...........anith welawe uta katha karath uta neme wage yanawa

Post a Comment