Friday, July 22, 2011

පුංචි කාලේ ක්‍රිකට්

අපේ පුංචි කාලේ හරිම සුන්දරයි නේද??ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවනම් කියල මට හිතුනු වාර අනන්තයි.මට විතරක් නෙමේ ඔයාලටත් එහෙම හිතෙන්න ඇති කියල මම හිතනවා.අපි පුංචි කාලෙ කරපු සෙල්ලම් අපිට දැන් කරන්න වෙලාවක් නැහැ.ඒ ගැන මතක් වෙද්දිත් හරිම දුකයි නේද???ඔන්න අපි පොඩි කාලේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි වෙන දේවල් ටිකක් දානවා.මේක මට මුහුනු පොතෙන් හම්බුන එකක්.මට ඒකෙන් පොඩි කාලේ මතක් උනා.මම හිතනවා ඔයාලටත් එහෙම වෙයි කියලා


ආ…හරි… හරි… ඉල්ලපන්

සිංහ ද ? පොල්ල ද ?

පොල්ල… පොල්ල…

ඔන්න දැම්මා පොල්ල නේ එහෙනං… ඔව් බං ඔව්…

සිංහ…! හරි අපි ගහමු… ගහන්න ?

යකෝ උඹ ඉල්ලුවේ පොල්ල නේ ?

එත කොට අපි ඉල්ලුවේ පොල්ල ද ?

!^&**(!#*( එනව මෙතන මගුලක් කතා කරන්න

පොල්ල ඉල්ලල සිංහ වැටුනම ගහන්න…

උඹ නං තාමත් ඒදවස් වල වගේමයි…

ඒයි අඩෝ… උඹ අපේ පැත්තේ නේද ?

ඇවිත් අහුලපිය… හිමිහිට ගහන පැත්තට මාරු නොවී…

පලයන් අර පැත්තට… අනේ #^&*#$)@ එතන අව්වයි නේ…

මට එතනට යන්න බෑ…

මොකක් …පලයන් %)()@(#)@ නොදි….

අව්වේ හිටපු නැති උන්… උඹ ඉස්සර කී දවසක් අව්වේ හිටියද

ඉස්කොලේ දුන්න ගෙදර වැඩ නොකර

හරි… දාපන්…

ඒයි ඔය ෆොන් එක සාක්කුවේ දාගෙන අහුලපන්…

මල් කඩපන් පස්සේ…

හරි හරි දාපන්…

උඹට මතකනේ තැන… එතනට දාපන්…

අම්මට හුඩු ගැහැව්වා නේද ?

දාපන්… මෙන්න මුන් දුවනවා…

ඔන්න ඔන්න කඩපන්… කඩපන් …

හරි හරි ගහපන්…

හුහ් හූ… හරේ…ඒ…ඒ…

අවුට්… අවුට්… ඒයි අඩෝ…අම්පයාර්…

අවුට් එක දීපන්…

දෙන්න දෙයක් නෑ එක අවුට් තමයි…

හුහ් හූ… හරේ…ඒ…ඒ…

හුහ් හූ… ගැහුවදෝ… හුහ්… හුහ්…

අවුට් නෑ යකෝ… මම ඉරෙන් මෙහා පැත්තේ හිටියේ…

බලපන්… මෙන්න මෙතනදි කැඩුවේ…

අනේ පලයන්… අම්පයාර් අවුට් කියනව… මු නෑ කියනවා…

ඉර ඔතන නෙවෙයි… මෙන්න ඉර…

විකට් කැඩුවේ මෙතනදි…

අඩෝ බලු වැඩ කරන්න එපා ඩෝ…

මම හිතුවේ ඉර මෙතන කියලා…

ඒ.. අවුට් නෑ බං…

අඩෝ එක බෝලෙකටවත් ගහන්න බැරි උනා

මොන *(*($#)**#(@&@*!#*(!@ ක් ද ?…

යකෝ උඹ අවුට්… ඒ කියන්නේ අවුට්…

බලපන්කෝ උඹලගේ පැත්තේ උනුත් කියනව නේ…

එහෙම කරන්න එපා බං…

අවුරුදු ගානකට පස්සේ ක්‍රිකට් ගහන්න සෙට් උනේ…

මොන මඟුලක් ද මේ…

ඒ බං එකක් දාපන් ඔන්න…

හැබැයි එකයි හරිද…

ඔව්… ඔව්… එකයි…

ඊට පස්සේ පලයන්… හරිද…

ඒයි… මේකට ගහපන්…

අඩනවානේ ගෑනී මැරිච්ච මිනිහා වගේ…

හුම්… ගහපන් ඉතින් … අනේ උඹ…

ඉතින් ගහපිය ඇඩිල්ල නවත්වලා…

ඔන්න දානවා… ගහනවා නම් ගහපිය…

ෂයියෝ මොකක්ද බං මේ උනේ…

ඒ පාර පොලු තුනම ගැලවුනා නේද…?

යකෝ… මේ ඉස්කෝලෙ ටීම් එකට ගහපු කොල්ලෙක් නේද…?

හු…හූ… අඩෝ … හු කියන්න එපා… හූ… හුහ්..හ්හූ..

කලින් පාර ගියානම් ඉවරයි නේ …

නම්බු පිටින්… ඇදගෙන නේ නාන්නේ තාමත්…

පලයන්කෝ දැන්වත්…

අඩෝ හූ…හූ…ඔහොමද ගහනේ… හූ..හ්..හුහ්හ්…හූ…

කවුද &*&*^^%@#*()@ හු කියන්නේ…

ඇයි මොකද වෙලා තියන්නේ…

හූ…හ්..

තොට කිවුව නේද හු කියන්න එපා කියලා…

හිටපන් මම …

ඒයි… මේ පිස්සු කෙලින්න එපා…

අත ඇරපන් ඕකව…

යකෝ එපා…එපා ඕයි…

ඕක නවත්තපන්…

එපා… එපා…

ඕයි…ඕයි… ඕක නවත්තනවා…

^&&(*)@)()_(@#(()((_@^&^&@…

*()*(*(@*#(*@@#*&@*#@….

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment