අද මම දාන්නේ ටිකක් වෙනස් විදියක පොස්ට් එකක් මේවා මම යන එනකොට දැකපු දේවල්.ඔයාලත් මේවා දැකලා ඇති.ඔයාලා දැකලා ඇතිනේ ඔය ත්රීවීල් වලයි බස් වලයි පිටිපස්සෙ එක එක දේවල් ලියලා තියෙනවා.අන්න ඒවා ටිකක් මට දාන්න හිතුනා.හික් හික් සමහර ඒවා ඉතින් ලොලේ ලොල්.හිකිස්
වයසට ගියත් හවසට ගෙදර..
රෝද තුනක් උඩ සිහින ලොවක්...
නිසල හද තුල කුසල මිස කසල නැත..
සල්ලි තාත්තගෙන් අතහිත බිරිදගෙන්..
ලගට එන්න එපා සුදෝ..
ලං උනේ ඇනලා යන්නද..
හප්පන්න එපා අමරුවෙන් ගත්තේ...
මා පසුකර ගිය ඔයාට සම්මා සම්බුදුසරණයි...
බුදු මල්ලියේ ඈතින් වරෙන්...
අම්මා රත්තරන් නම් තාත්තා පිත්තලද....
රුපියල් ශත නිසාද අපිට මේ දුක
සල්ලිත් නෑ සනීපත් නෑ....
අතහිත නැන්දම්මාගෙනි....
ඔබ අතලග බලාගෙනයි...
ඔබ පැමිනී ඔබම ගියා,නැවතුන තැන මම ඉන්නම්...
ඔබ පසු උනා නෙමෙයි මා ඔබ පසු කලා...
රෝද තුනේ කිරිකිරියයි අපේ දුකට හඩන්නේ...
හබල් ගාන මට නැව් ටෝක් මොකටද...
ලංවෙන්නේ පැනි කන්නද...
සිතන්න අමතක උනත් අමතක කරන්න සිතන්න එපා...
දෙන්න හඩ ගන්න ඉඩ...
ඔබ එනවා ලග වැඩී...
පාඩුවේ ජීවත් වෙයන් හරිය...
අපි හරි අහිංසකයි ඈ....
වෙඩිල්ල....
අනේ මාව හෝදන්න....
පිම්බුවට බඩ ගෙම්බගේ නෑ හැඩ....
මරුවා සමග වාසය...අම්මා බුදු වේවා....
එලිය නැති දාට සෙවනැල්ලත් මග හැරී...
ආදරයෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා වේ....
අඩන්න හිතකුත් නෑ අඩන්න කදුලකුත් නෑ....
මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න....
පොඩි උනාට දග නෑ පැටියෝ....
අපි බොක්කෙන් ඒත් අපිට බෙලෙක්කෙන්....
වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ...
සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ...
රෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා...
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව...
දියුණුවේ රහස ඉර්සියාව නොව වාසනාව හා උත්සහයයි...
පෝස්ට් එක දිග වැඩි උනාද මංදා.ඔන්න තව තියේ නම් මට කියන්න හොදේ
12 ක් අදහස් දක්වන ලදී:
කොහෙන්ද අප්පා මෙච්චර හොයා ගත්තේ සමහර එව්ව දැක්කෙත් අද..
නියමයිනේ..හොද කලෙක්ෂන් එකක්..යාලු
මෙන්න මේක මන් මූනු පොතේදි දැක්කේ.."මම ලිදේනම් ලිද මගේනම් කාටවත් ඇයි වේදනාවන්" නියමයි නේ..(ඔයාගේ ලිස්ට් එකේ නෑ නේද...)
@චතුර :ගොඩක් ඒවා මම කොහෙදි හරි දැක්කම ඒක ෆෝන් එකේ ගහගෙන drafts වලට save කර ගන්නවා.අනිත් ටික එලකිරි එකෙන් ගත්තේ හිකිස්.
@අසනි : තැන්කිව් වේවා.හික් හික් ඔව් නේ ඒක නියමයි.ම්ම් මම ඒක කලින් දැකලා නැහැ නේ ඒකයි.ඔයා මට නමකුත් දාලා තියෙනවා මම දැක්කා..(සිනා මුහුණ) lol
මට මතකයි කාලෙකට කලින් අපේ බාප්පා කිව්වා අයියයි මල්ලියි ත්රිවීල් දෙකක් අරගෙන අයියා ලියලා "රැව්වොත් නෙලුවා" කියලා. මල්ලි ලියලා "නෙලුවොත් නෙලුවා" කියලා.ඇත්තද නම් දන්නේ නෑ.
@මධුරංග :ඇත්තටම ඒක නියමයි ලොල්
අන්තිම වෑන් එකේ තියෙන එකනේ බං ඔක්කොටම වැඩිය පට්ට...
මරු කලෙක්ශන් එකක්නෙ.!!!!!!!
@prasanna86k :හික් හික් අන්තිමට තමා පට්ටමා එක දැම්ම්.ස්තූතියි මේ පැත්තේ ආවට සහෝදරයා
@නදීර : කොහොමද හොදයි නෙ? ;)ස්තූතියි මේ පැත්තේ ආවට
හිකිස්..පට්ට පට්ට..කියලා වැඩක් නැහැ ඉතින් අපේ ත්රිවිල් අය්යලගේ වැඩ නම් ;)
වෑන් එකේ ගහල තියෙන එක නම් සිරාම සිරා
@:තැන්කිව් වේවා....
@සාතන්:ඒක සිරාම ෆොටෝ එකක්.මම බුකියෙන් ගත්තේ
පට්ට ටෝක් ටික
Post a Comment