ඔන්න සාහිත්‍ය මාසයත් ඉවර වේගන යන නිසා පිස්සු පූසට හිතුනා ඉස්සර ඒ කියන්නේ අපි පුංචි කාලේ කියවපු පොත් සෙට් එකක් ගැන ලියන්න.මේකට අදහස ආවේ මුහුදු කොල්ලකාරයාගේ දිනපොතේ මෙන්න මේ ලිපිය දැකලා.පරණ මතකයන් එලියට ඇද්ද ඒ සහෝදරයාට මගේ ස්තූතිය.
මම මුලින්ම කියවන්න කතා පොතක් ගෙනත් දුන්නේ අපේ අම්මා.ඒ පොතේ නම නම් මතක නැහැ.තිබ්බේ අලි පොල්ගෙඩි සයිස් අකුරුවලින් ලියපු චිත්‍ර තියෙන ලස්සන පොතක්.මට මතක විදියට ඒ 3 වසරේද කොහෙද.
මම වැඩියෙන්ම පොත් කියවන්න ගත්තේ 4 වසරේ විතර.ඒ කියවපු පොත් ඔක්කොම වගේ මට මතක නැහැ.ඒත් සමහර ඒවා මතකයි.
මම ඉස්සර ටී.බී.ඉලංගරත්න ගතුවරයාගේ අඹ යාලුවෝ පොතට මාර ආසයි.මම හිතන්නේ නැහැ මේ පොත කියවපු නැති කෙනෙක් ඇති කියලා.ඒක මම කී සැරයක් පට්ට ගැහුවද කියලා මතකයක් නැහැ.ඒක ඒතරමටම පට්ට ගැහුවා.සුදු අප්පෝ(සුනිල්) නිමල්ට අඹයක් බෙදා ගන්න ගිහින් ගහගෙන පස්සේ යාලුවෝ වෙන හැටි මට දැනුත් මැවිලා පේනවා.තිලක,තිලක හා තිලකා පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.
ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූව.මට මේකේ හිටපු චරිත වලින් මතක උපාලි,ජින්නා විතරයි.මම මේකේ ආසම කෑල්ල අර මේ යාලුවෝ සෙට් එක කජු කඩන්න ගිහින් වත්තේ අයිති කාරයට මාට්‍ටු වෙන එක.
අපි ඊලගට පරිවර්තන වලට එමු.මම ආසාවෙන් කියවපු පොතක් තමා එච්.රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකා.මේකේ පොත් දෙකක් ආවා කියලා මට මතකයි.මම ඒ පොත් දෙකම කියෙව්වා.තව සොලමන් රජුගේ දියමන්ති ආකර කියන පොතත් මම පට්ට ගැහුවා.
මම මුලින්ම කියවන්න කතා පොතක් ගෙනත් දුන්නේ අපේ අම්මා.ඒ පොතේ නම නම් මතක නැහැ.තිබ්බේ අලි පොල්ගෙඩි සයිස් අකුරුවලින් ලියපු චිත්‍ර තියෙන ලස්සන පොතක්.මට මතක විදියට ඒ 3 වසරේද කොහෙද.
මම වැඩියෙන්ම පොත් කියවන්න ගත්තේ 4 වසරේ විතර.ඒ කියවපු පොත් ඔක්කොම වගේ මට මතක නැහැ.ඒත් සමහර ඒවා මතකයි.
මම ඉස්සර ටී.බී.ඉලංගරත්න ගතුවරයාගේ අඹ යාලුවෝ පොතට මාර ආසයි.මම හිතන්නේ නැහැ මේ පොත කියවපු නැති කෙනෙක් ඇති කියලා.ඒක මම කී සැරයක් පට්ට ගැහුවද කියලා මතකයක් නැහැ.ඒක ඒතරමටම පට්ට ගැහුවා.සුදු අප්පෝ(සුනිල්) නිමල්ට අඹයක් බෙදා ගන්න ගිහින් ගහගෙන පස්සේ යාලුවෝ වෙන හැටි මට දැනුත් මැවිලා පේනවා.තිලක,තිලක හා තිලකා පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.
ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූව.මට මේකේ හිටපු චරිත වලින් මතක උපාලි,ජින්නා විතරයි.මම මේකේ ආසම කෑල්ල අර මේ යාලුවෝ සෙට් එක කජු කඩන්න ගිහින් වත්තේ අයිති කාරයට මාට්‍ටු වෙන එක.
ඒ වගේම අපේ ගම පොතත් මම පට්ට ගැහුවා.ඒ පොතේ ගැමි ජීවිතය ගැන නියමෙට විස්තර කෙරෙනවා.ඒ පොත කියවන කොට අපිත් මාර්ටින් වික්‍රමසිංහසූරීන්ගේ ගමේ ඉන්නවා වගේ. ගම්පෙරලිය ඔයාලා කාටත් මතක ඇති.මේ පොතත් මම පට්ට ගැහුවා.තව මාටින් වික්‍රමසිංහයන්ගේ බද්දෙගම,පව්කාරයාට ගල් ගැසීම,උපන්දා සිට පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.
මට අද වගේ මතකයි හත්පන කතා පොත.මේ කුමාරතුංග මුනිදාසයන්ගේ අතින් ලියවුනු ලස්සන පොතක්.කිරිහාමි තමා මේකේ ප්‍රධාන චරිතය.ඒ වගේම එම ශූරීන්ගේ හීන් සැරය.මේකේ කතාව නම් මතක නැහැ.අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා බස්තියන්ගේ සොහොන.මේ කතාවේ මට මතක විදියට බස්තියන්ව මරලා සොහොනක කෙලින් අතට හිටවලා සොහොන් කොතක් හදලා තියෙන්නේ.ඒක මෙයාලා හොයා ගන්නේ ඒ සොහොන ඉස්කුරුප්පු නියනකින් හිල් කරලා එන කුනු ගදෙන්.(වැරදි නම් හරි ගස්සන්න යාලුවනේ)
තව මං ආසාවෙන් කියවපු පොතක් තමයි පාලු දූපත.ලමයි පැහැරගෙන කරවල වාඩි වලට ගෙනත් ඒ දූපතක් පොලීසියෙන් වටලද්දී ලමයි දෙන්නෙක් විතරක් ඉතුරු වෙනවා.මෙයාලා ඒ දූපතෙන් බේරිලා යනකන් වෙන දේවල් තමා කතාවේ තියෙන්නේ.
දොන් පීටර් පියතුමාගේ වනගත ලමෝ මම ආසාවෙන් කියවපු පොතක්.තව සෝමපුර වීරයෝ,කලන්දූවේ මුතු කොල්ලය,තුන් යහලු වික්‍රමය,නෙල්ලිකැලේ වීරයෝ,ගැට කපන ලමයා....ඊ.ටී.සී.මේවා ඔක්කොම මම කියවලා තියෙනවා.මේවගෙන් සමහරක් මම ගාව තිබ්බා ඒත් ඒවා දැන් කොහෙද කියලා මතකයක් නැහැ.අපි ඊලගට පරිවර්තන වලට එමු.මම ආසාවෙන් කියවපු පොතක් තමා එච්.රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකා.මේකේ පොත් දෙකක් ආවා කියලා මට මතකයි.මම ඒ පොත් දෙකම කියෙව්වා.තව සොලමන් රජුගේ දියමන්ති ආකර කියන පොතත් මම පට්ට ගැහුවා.
ඊලගට මම ආසම කරන සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයාගේ ෂර්ලොක් හෝම්ස්.මේකේ සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයා ලියපු ෂර්ලොක් හෝම්ස් පරීක්ෂන කතා 60ම(කෙටි කතා 56,දිග කතා 4) මම අති විශිෂ්ට විදියට ලියලා තියෙනවා.දැන් චන්දන මෙන්ඩිස් ලියන ඒවත් ඒතරම්ම වරදක් නැහැ.මම මේවා අදටත් පිස්සුවෙන් වගේ කියවනවා.මේවයින් පොත් ටිකක් මම එකතු කරගෙන තියෙනවා.ඒ වගේම පරන ටීවි සීරිස් ටිකත්(ෂර්ලොක් හෝම්ස්) මම ගාව තියෙනවා.මේ මම ගාව තියෙන පොත් ටික.
අදටත් කියවන්න පොඩි වෙලාවක් හම්බුනත් කියවන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් තමා.තව පරිවර්තන වලින් මම කියවපු ලෝකය වටේ අසූ දවසකින්,සැගවුනු ලොවේ සවාරියක්,ජුරාසික් දඩයම,සුදු ගෝණා,සුදු වැද්දා,ටාර්සන්...ඊ.ටී.සී.ආදර නවකතා වලින් මම කියෙව්වේ චාතූර්යා 1 හා 2 විතරයි.මට ඒවා අල්ලලා ගියේ නැහැ.අනේ මන්දා ඒ මොකද කියලා.ඒවා මහ බොලදයි වගේ හිතුනු නිසාද දන්නේ නැහැ.තව රුසියානු සාහිත්‍ය පොඩ්ඩක් විතර අතගාලා තියෙනවා.ඒත් ඒ මොනවද කියලා නම් මතකෙට එන්නේ නැහැ.
තව පට්ට ගහපු පොත් නම් ගොඩක් ඇති මම.ඒත් ඒවා මතකෙට එන්නේ නැහැ.මම 8 වසරේ දී අපේ ඉස්කෝලේ පුස්තකාලේ වසරේ පාඨකයා සම්මානය දිනා ගත්තා.ඒ මම ඒ අවුරුද්දේ පොත් 380කට වඩා කියවලා තිබුනු නිසා.ඒ කාලේ නම් පුදුම පිස්සුවක් තිබ්බේ පොත් කියවන්න.යාලුවොත් එක්ක බෙදා හදා ගෙන තමා ගොඩක් පොත් කියෙව්වේ.ඒ කාලේ පොත් ගන්න වත්කමක් නැහැනේ.උපන්දිනේට අම්ම පොතක් අනිවාර්යෙන් ගෙනත් දෙනවා.හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා.මම මෙතනින් නවතින්නම්.ඔයාලා කියවලා තියෙන පොත් තියෙනවනම් කියන්න.